Skip links

“කුරුන්දි විහාර වංසය” දොරට වැඩුම

ශාසනකාමී – ශාස්ත්‍රකාමී සැමට විවෘත ආරාධනා

කුමක්ද ?

පූජනීය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් යළි නැංවුණ මුලතිව් නාගචෝල මහ වන මැද පිහිටි කුරුන්දි විහාර සංකීර්ණය අරබයා ප්‍රාමාණිකයන් රැසක් විසින් සම්පාදනය කරන ලද, පෙර පළ නොවුණු – නවතම පර්‍යේෂණ ලිපි සමුච්ඡය , වංශ කථාවක් ලෙස …

කෙසේද ?

බුද්ධ පාදස්පර්ශිත පුණ්‍යභූමියක් ලෙසත් කුරුන්දි අට්ඨකථාව ග්‍රන්ථාරූ කළ ශාස්ත්‍රීය පරිශ්‍රය ලෙසත් ජනශ්‍රැතියේ එන, තනි කබොක් ගලෙන් නිර්මිත කුරුන්දි ආරාමික සංකීර්ණයේ පුරාවිද්‍යාත්මක – වාස්තුවිද්‍යාත්මක – ඓතිහාසික – ජෛව විද්‍යාත්මක සහලක්ෂණ මෙන්ම සමකාලීන ප්‍රතිසංස්කරණය සහ විවිධ මතවාද සහ සංස්කෘතික සංචාරක සංවේදිතා ඇතුළු සෑම පැතිකඩක්ම ආවරණය කරමින් පර්‍යේෂණ මූලධර්මවලට අනුගතව වර්ණ ඡායාරූපමය සාක්ෂ්‍ය සාධක සහිතව සෑම පරිච්ඡේදයක්ම සම්පාදිතය …

කාගේද ?

රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තැන්පත් චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය තැන්පත් සුමේධ මංජුල වීරවර්ධන යන දෙදෙනාගේ සංස්කරණයෙන් සරසවි පොත් මැඳුරේ ප්‍රකාශනයක් ලෙස…

අනුග්‍රාහකත්වය ?

මහාචාර්ය වෛද්‍ය චන්න සුදත් ජයසුමන මැතිතුමාගේ සහ එම පවුලේ සාමාජිකයන්ගේත් හිතමිතුරන්ගේත් නිස්සරණධ්‍යාශ මැදිහත්වීමෙන් ….

කා සමගද ?

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සම්මානිත මහාචාර්ය විද්‍යාජෝති නිමල් ද සිල්වාණන්ගේ ග්‍රන්ථ විවරණ දෙසුමක්ද සහිතව ජාතිමාමක පැවිදි – ගිහි සම්භාවනීය පර්ෂදයක් සහ සිහළ දමිළ මුසල්මානු , බොදු හින්දු ඉස්ලාම් කිතුනු කතෝලික පුරවැසි නියෝජනයෙන් …

කවදාද ?

2023 ක් වූ අගෝස්තු මස 07 සඳුදා … කොතැනද ? කොළොඹැ තුන්මුල්ල ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී …

කීයටද ?

සන්ධ්‍යාවේ 3.30 ට…

ග්‍රන්ථ රත්නයේ තතු ?

මිලිමීටර 280 X 216 (ලෙටර්) ප්‍රමාණයේ ඝනකම් (ආර්ට්) කඩදාසියේ මුද්‍රිතය. පිටු 432 කි. වර්ණ ජායාරුප 250 කි. මිල රු. 6000 ක් නමුත් එදිනට රු. 5000ක සුවිශේෂ මිලකට ලබා දෙයි. විද්‍යාර්ථින්ගේ පර්‍යේෂණ සහ ශාස්ත්‍රීය අවශ්‍යතාවලට මෙන්ම නිවසේ තබා ගැනීමට, පන්සලකට, දානයකට පූජා කිරීමටත් අගනේය…

ඉදින් මේ ඓතිහාසික අවස්ථාවේ , ජාතියට උදාවන සුබ මුහුර්තයේ සජීව සාක්ෂ්‍යකරුවෙකු වන්නැයි ආදර සිතින් ගරු පෙරටුව ඇරියුම් …

Leave a comment